2012 නව වසර ඔබට කොහොමද?

දිවයින ලිපිය බලන්න මෙතනින්

ලක්බිම ලිපිය බලන්න මෙතනින්


ලංකාදීප ලිපිය බලන්න මෙතනින්

කොමාගේ සූත්තර කතාව චූටි මල්ලිගේ කොපියක්ද?

පසුගියදා උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සහභාගී වී ලකුණු ගනනය කළ සුත්‍රය පිලිබඳ අවබෝධයක් නොමැතිව ඒ පිළිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට උත්සාහ කළ අයුරු කාගෙත් හාස්‍යයට ලක් වුණා.

එම අර්ථකතනය සමඟ එක හා ගැලපෙන අර්ථකතනයක් මීට පෙර
ෆෑන් ටෝක් වැඩසටහනින් චූටි මල්ලි හා පොඩි මල්ලි විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය සම්බන්ධව ඉදිරිපත් කර තිබුණා. 

එම දෙක එකට එක් කරමින් සෑදූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා

එය පහතින්

2012 වසර රටට කොහමද?

2012 වසර සම්බන්ධයෙන් රටේ සිදුවන වෙනස්කම් ජෝතිෂ්‍යය ඇසුරෙන් පැහැදිලිකර ලක්බිම පුවත්පතේ පළවූ ලිපියක් බලන්න පහතින්

රනිදුගෙන් ගුගල්ට සංගීතය

ලොව ප්‍රසිද්ධ අන්තර්ජාල සම්බන්ධ සේවා ලබාදෙන ආයතනයක් වන ගුගල් ආයතනයේ නත්තල වෙනුවෙන් නිර්මාණය කල "ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝවට සංගීතය නිර්මාණයකොට ඇත්තේ ස්රිලාංකිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු ලංකාගේ විසිනි.

නිකුත් කරන ලද වීඩියෝවේ නිරුපනයන් හා ගායනයන් සිදු කරනු ලබන්නේ ගුගල් ආයතනයේ සේවකයන් විසින් වන අතර රනිදු ලංකා ගේ ද ගුගල් ආයතනයේ සංගීත අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.

එම වීඩියෝව බලන්න පහතින්

උසස්පෙළ ප්‍රතිඵල නිසා සිසුන් දෙදෙනෙක් දිවි නසාගැනීමට තැත් කරයි

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සරසවි වරම් ලැබීමට නොහැකිවීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු දිවි නසා ගැනීමට තැත්කොට ඇති බව වාර්තා වේ.

මින් එක ශිෂ්‍යාවක් පැනඩෝල් පෙති විශාල සංඛ්‍යාවක් පානයකොට ඇති අතර ඇයව අසාධ්‍යය තත්වයෙන් නිට්ටඹුව රෝහලට ඇතුළත්කොට ඇත.

අනෙක් සිසුවා තමාගේ බලාපොරොත්තු කඩවීම හේතුවෙන් කඹයක ආධාරයෙන් එල්ලී සිය දිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත.ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 239624 අතරින් 23,233 ක්‌ විෂයයන් තුනම අසමත්ව ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 142000 කි. ප්‍රතිශතයක්‌ ලෙස එය සියයට 60 කි.

උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව තවදුරටත්

උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.

ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල වරදක් ඇති බවයි.විභාග කොමසාරිස්වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශකොට ඇත.

මෙවර විභාග ප්‍රතිඵලයේ දෝෂ සහිත අවස්ථා මේවන විටත් වාර්තා වෙමින් පවතී.
අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ කලනි උත්තරා සහ තිලිනි දිලානි සමරකෝන් සිසුවියන් දෙදෙනාට ඔවුන්ගේ ප්‍රතිඵල පිරික්සීමේදී දක්නට ලැබී ඇත්තේ සිංහල විෂයේ ප්‍රතිඵල තවම නොලැබී ඇති බවයි.

හිරුණිකා නාමල් ගැන කතා කරයි

පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.

පහතින් දැක්වෙන්නේ
එහි එක් කොටසක්

"ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට.

ඒ පවුලට ගැහැනු ළමයෙක් හිටියේ නැහැනේ. පිරිමි ළමයි තුන් දෙනෙක්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් අපි එකට හැදුනේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න මම ඒ ගෙදරට නිතර යනවා එනවා. ඒක ගොඩාක් පේන ගෙයක්. හැම කෙනාම එන යන ගෙයක්. 


අපේ පවුලෑ අයත් එතැනට යනවා. ජනාධිපතිතුමත් එතකොට විපක්ෂ නායක. අගමැති, ජනාධිපති ඒ ගොල්ලෝ මෙහේ එනවා. අපි ට්‍රිප් යනවා එකට. එතකොට දකින ඕනේ කෙනෙක් හිතන්නේ එහෙම.

එතකොට මමත් වයස 15,16 කාලේ. නාමල් අයියත් ලොකුයිනේ එතකොට හිතන්නේ අපි දෙන්නා බඳින්න කතා කරගන කියලා. එහෙමයි මුලින් ගියේ කතාව. ගෙවල් වලින් කතා කරගන තියනවා කියලා. නැතුව අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ.

සුත්‍රය නොහැකිව විභාග කොමසාරිස් හිරවේ

උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී විය.

එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා නැගු ප්‍රශ්නයක් හමුවේ ප්‍රතිඵල ගණනය කරනු ලැබූ සුත්‍රය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට විභාග කොමසාරිස්වරයාට නොහැකි විනි.

එම ගැටලුවට පිළිතුරු දුන් ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින්

X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි

එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.

රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.


මෙම පුද්ගලයා විසින් එම දේපලට අයත්ව තිබු රුපියල් 275,000 පමණ වටිනා රුපවාහිනි යන්ත්‍රයක්ද අනවසරෙන් සිය ප්‍රයෝජනය සඳහා රැගෙනගොස් තිබේ.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසිය විසින් සිදු කරනු ලබයි.

මාධ්‍යයට නොපෙන්වූ එස්.බී ගේ දෙබිඩි මුණ

ගැලීලියෝට මොකක්හරි උනා...
ගැලීලියෝ මැරුවද?


උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මතුවී ඇති උසස්පෙළ ගැටලුව නිසාවෙනි.

මාධ්‍ය මගින් මේ දිනවල නිතරම පාහේ අමාත්‍යවරයාගේ මුහුණ දැකගත හැකි වුවත් ඒ හැමවිටම අමත්‍යවරයා සන්සුන් හා සිනාමුසු මුහුණින් කරුණු පැහැදිලි කරනු ලබයි.

මාධ්‍යය මගින් දක්නට නොලැබෙන එස්.බී අමාත්‍යවරයා කෝපයට පත්වූ අවස්ථාවක් හා ගැලිලියෝ ගැලලි හා සොක්‍රටීස් ට මැදිවූ ගැටලුවකට මුහුණ පා සිටින අමාත්‍යවරයාගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි

උසස්පෙළ ප්‍රතිඵල හිට්ලර් දැක්කනම්?

බොහෝ සිදුවීම් වලට උපසිරැසි ඔස්සේ ප්‍රති නිර්මාණය වූ වීඩියෝවක් වන Downfall (2004) චිත්‍රපටයේ "හිට්ලර් ගෙට්ස් ඇන්ග්රි වීඩියෝවට" මෙවර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව සම්බන්ධයෙනුත් උපසිරැසි පෙළක් නිර්මාණයකොට තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි.

නැගෙනහිර හිස ඔසවන "වහබ්" කල්ලිය

"වහබ්" නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම "වහබ්" සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් 


"මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා..

ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා..ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ..ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශිහාන්ගේ විවාහය ලබන වසරේ

සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි.

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.

ගොසිප්9 වෙත වාර්තා වන්නේ ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාවයට වසර නවයක් සපිරෙන බවයි.වසර නවයක් පුරාවට තිබු ශිහාන් මිහිරංගගේ ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට මෙතෙක් කල් රහසක්ව පැවතුනත් එය ලබන වසරේ ජනවාරි මාසය අග වන විට නිල වශයෙන් දැනුම්දීමට ශිහාන් සුදානම් වනබව වාර්තාවේ.

උසස්පෙළ විෂයන් වල ප්‍රතිඵල මාරු වීමට හේතුව

විභාග අංකය වෙනුවට GIT විභාග අංකය යොදලා
සැකනම් නම් උත්තර පත්තරෙත් පෙන්නනවා 


පසුගියදා ඇතිවුන උසස්පෙළ ප්‍රතිඵලයේ හේතුවෙන් විභාගයට මුහුණදුන් සිසුන්ට තම උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ අවිශ්වාසයක් ගොඩ නැගී ඇත.මෙම අවිශ්වාසය දුරු කිරීම සඳහා ඊයේ දිනයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මාධ්‍යය හමුවක් පැවැත්වුවා.


එහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රකාශකොට සිටියේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් කුසලතා මාතරටටත්,මාතර දිස්ත්‍රික් කුසලතා බස්නාහිර පලාතටත් මාරුවීම නිසා මෙම ගැටලුව හටගත් බවයි.

ප්‍රතිඵල නිවරදිකොට අන්තර්ජාලයට නිකුත් කෙරුනද සිසුන් මැසිවිලි නැගුවේ තවමත් විභාග ප්‍රතිපල වල ගැටළු තිබෙන බවයි.

ජිව විද්‍යා අංශයෙන් ලියු සිසුවෙකුට වාණිජ ප්‍රතිපලයක් ලැබීමත්, විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුවෙකුට කළා ප්‍රතිපල ලැබීම වැනි ගැටළු නව ප්‍රතිපල නිකතුවත් සමග නිවැරදි වී තිබුනේ නැහැ.

මේ පිළිබඳව පැහැදිලිකිරීමක් කල මිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ සිසුන් පසුගිය වසරේ මුහුණ දුන් GIT විභාග අංකය ඇතුලත් කිරීම නිසා වැරදි ප්‍රතිඵල ලැබී ඇති බවයි.මේ සම්බන්ධව අදහස් ප්‍රකාශකළ විභාග කොමසාරිස් වරයා ප්‍රකාශකලේ "අසමසම විභාග අංකයක්" නිර්මාණය කිරීම අපහසු බවත් වෙනත් විභාග වල අංක එක සමාන වන අවස්ථා ඇති බවත් තමාගේ විභාග අංකය නිසි පරිදි ඇතුලත්කර ප්‍රතිඵල බැලීම සිසුන්ගේ වගකීමක් බවය.

කටකතා ගැන කිසිවක් නොදන්නා අතුල- සමිතා

අතුල හා සමිතා විසින් ගයන ආලෙන් වෙලා ගන්න කෝලම් කළා ගීතය මෑතකදී ඉතා ජනප්‍රිය වුනා. නමුත් මෙම ගීතය පිළිබඳව පසුගියදා සරසවිය පුවත්පතට හා රිවිර පුවත්පතකට ඔවුන් විසින් පවසා තිබුනේ මඳක් පරස්පර අදහස්.

පසුගිය මාසයේ රිවිර පුවත්පතකට මේ පිළිබඳ අතුල විසින් පවසා තිබුනේ මෙලෙසින්.

කොහොමද මේ ගීතයට ආරාධනා ලැබුනේ?
අතුල:- මේ ගීතය ලිව්වෙත් සංගීතය කලෙත් මාධව කියලා අලුත් කෙනෙක්. මේ ගීතය කියන්න තියෙන්නේ සමිතා එක්ක කියලත් කල්තියා කිව්වා.

පහුගිය කාලේ අතුල-සමිතා ගැන පැතිරුනු කට කතා පිළිබඳ මේ ගීතයෙන් කියවෙන බව පවසුවොත්?
සමිතා:- ඇත්තටම එහෙම කට කතා පැතිරුනාද කියලවත් මම නම් දන්නේ නෑ. අපි දෙන්නා 1993 විතරත් සිංදු කිව්වා. ඒ කාලේ නැති කට කතාව දැන් හැදෙන්න විදිහක් නැහැනේ. ඕප දූප හොයන කාටත් වැඩක් තියෙන්න ඕනේනේ. කටකතා හදන අය මොනවා කිව්වත් අපි දරුවොත් එක්ක සතුටින් ඉන්නවා.

නමුත් මේ පිළිබඳව අතුල අධිකාරි පසුගියදා සරසවිය පුවත් පතට පවසා ඇත්තේ මෙවැන්නක්

දෙවන මනුෂ්‍ය ඝාතනයෙන් පසුව වත් චන්ද්‍රපුෂ්පට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද?

පසුගියදා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඊයේ පොලීසියට බාරවී තිබෙනවා.

ඊයේ තංගල්ල මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ පියාද හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකි.

මෙය ඔහුගේ පළමු ඝාතනය නොව දෙවන මනුෂ්‍ය ඝාතනය වෙනවා. පසුගිය වසරේ ජනවාරි 12 වෙනිදා හම්බන්තොට පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකට ගමන් කරමින් තිබූ බස් රථයකට වෙඩි තැබුවේද මෙම සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණයි.

එම ඝාතනය සඳහා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීර නැමැති තවත් නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෙකු බජාජ් වර්ගයේ මෝටර් සයිකලයකින් පැමිණ ඇති අතර එම මෝටර් සයිකලය පදවා ඇත්තේ සමීර නැමැත්තා විසිනි. වෙඩි තබා තිබුනේ ටී56 වර්ගයේ ගිනිඅවියකිනි. වෙඩි වැදීමට ලක්වූ 64 හැවිරිදි කුසුමාවතී කුරුප්පුආරච්චු නම් කාන්තාව මියගියේ මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

එම මරණයෙන් පසු චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විසින් එම කාන්තාවගේ පවුලට විශාල මුදලක් ලබාදී ඔවුන්ගේ ප්‍රකාශ තම වාසියට හරවාගෙන තිබුනා. ඝාතනයට ලක්වූ කාන්තාව ගමන් කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ රැලියකට වුවද එම කාන්තාවගේ 70 හැවිරිදි සැමියා ඉන්පසු පවසා තිබුනේ ඔහුගේ මුනුපුරෙකුට 2004 වසරේදී ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එබැවින් ඔවුන් වැඩ කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට බවත්ය.

පේරාදෙණියේ හා රුහුණේ අමානුෂික නවක වදයට ලක්වූ සිසුන්ගේ කතාව

විශ්ව විද්‍යාල තුලින් නවක වදය අතුගා දැමීමට සෑම අවුරුද්දකම කථිකාවක් ගොඩ නැගුනත් ඒ හැම වසරකම නවක වදයට බිලිවූ සිසුන් ගැන වාර්තා වේ.නවකවදය තිබුනාට කමක් නැත.නමුත් අමානුෂික නවක වදය ශිෂ්ඨ සමාජයක කිසිවෙකු අනුමත කරන්නේ නම් නැත.

විශ්ව විද්‍යාල සංස්කෘතිය නවක සිසුන් හට හදුන්වා දීමට නවක වදය ඉවහල් වන අතර ඒ ඇතුලින් නවකයා හට ජෙෂ්ඨයා කෙරෙහි බිය මුසු ගෞරවයක් ඇතිකිරීමට උපකාරී වේ (නමුත් ඒ ඇතිවන්නේ හුදෙක් පැහැදීමකින් නොවන අතර ජේෂ්ඨ සිසුන් පරයා යාමට නොහැකි හේතුවෙන් බව ඔවුන් වටහා ගත යුතු වේ.) 

නවක සිසුවෙකු ලෙසින් විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුවා පළමු වසරේ නවක වදයෙන් බැට කා ඉන් පසු දෙවන වසරවන විට පෙරමග බලන්නේ නවක සිසුපෙළ එන තෙක්ය.දෙවන වසරේ සිසුන්ට නවක සිසුන් සම්බන්ධයෙන් පුර්ණ බලතලයක් හිමිවන්නේ මෙම පරිසරය යටතේයි.

මෙවරද එවැනි අමානුෂික නවකවද සිද්ධීන් දෙකක් ප්‍රධාන වශයෙන් වාර්තා වුනා.ඉන් එක සිදුවීමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වූ අතර අනෙක් සිදුවීම වාර්තා වුයේ රුහුණු විශ්ව විද්‍යාලයෙනි.


මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් පුර්ණ සටහනක් තැබීමට අප කල්පනා කලේ නවක වදය තමාගේ තිරිසන් අවශ්‍යතා පිරිමසා ගැනීමට උත්සුක වූ ජේෂ්ඨ සරසවි සිසුන් අතලොස්සක්ද තවමත් විශ්වවිද්‍යාල පද්ධතිය තුල සිටින බව පෙන්වා දීමටයි.

නව ප්‍රතිඵල නිකුත් වෙයි..එත් ?

මේ වනවිට 2011 උසස්පෙළ ප්‍රතිපලයන්හි දෝෂ සහිත දිස්ත්‍රීක් කුසලතාවය හා දිවයින් කුසලාතාවය ශ්‍රේණිගත කිරීම මේ වනවිට සංශෝධනය කර අන්තර්ජාලයට මුදාහැර ඇත.එම ප්‍රතිඵල doenets.lk ඔස්සේ දැන් ලබාගත හැකිය.

නමුත් පැරණි ප්‍රතිපලය යටතේ වෙනත් විෂය ධාරාවන්ට අයත් ප්‍රතිඵල ලැබූ සිසුන්ගේ ගැටලුව මෙතෙක් විසඳි නැහැ.මෙවර ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගයට මුහුණ දුන් ප්‍රභාෂ් නිශ්ශංක සිසුවා හට ලැබී ඇත්තේ වාණිජ අංශයේ ප්‍රතිඵලයකි.

ඒ පිලිබඳ අදහස් දක්වන ප්‍රභාෂ් මධුශංක

"මම ඉස්කෝලේ ගියේ කොළොඹ රාජකීය විද්‍යාලයට..ඉතින් මම ජීව විද්‍යාව අංශයෙන් තමා මේ පාර උසස්පෙළ හැදෑරුවේ..එත් අන්තිමේ රිසල්ට් එක එද්දී මගේ රිසල්ට් එක වෙලා තිබුනේ කොමස් රිසල්ට් එකක්..එකේ එකවුන්ට්ස්,බි එස් වගේ ඒවා තමා තිබුනේ..


කොහමටවත් ජීව විද්‍යාව කරපු කෙනෙක්ට මේ වගේ කොමර්ස් රිසල්ට් එකක් එනවා කියල විශ්වාස කරන්න බැහැ.මම දැනුවත්ව මගේ යාළුවෙකුටත් එහෙම වෙලා තියෙනවා..එයත් බයෝ කරපු කෙනෙක් එයාටත් කොමස් රිසල්ට් එකක් ඇවිත් තියෙන්නේ.."

ප්‍රභාෂ් මධුශංක සිසුවාගේ ප්‍රතිපල නව ප්‍රතිපල නිකුත් කිරීම යටතේ වත් වෙනස් වී නොමැති අයුරු 

උසස්පෙළ ප්‍රතිඵල අවුලේ අලුත් කතා

වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි !

ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත්වූ උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගත බව නිසා මේවන විට සිසුන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.ඒ අනුව ඇතැම් කළා සිසුන්ට විද්‍යා අංශයේ ප්‍රතිඵල ලැබී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා.


මේ ලංකා ගුරු සංගමයෙන් නගන චෝදනාව හා එයට පිළිතුරු දෙන උසස් අධ්‍යාපන අමත්‍යවරයා සහ ලේකම්වරාය්ගේ අදහසුයි.

ඉසෙඩ්ස්කො සෙවූ සුත්‍රය රටට කියන්න - ලංකා ගුරු සංගමය

"ඉසෙඩ්ස්කො හොයපු සුත්‍රය දන ගැනීමේ අයිතිය මේ රටේ දරුවන්ට ගුරුවරුන්ට ඒ වගේම දෙමව්පියන්ට තියෙනවා.වහාම මේ ව්‍යාකුලතාවය විභාග කොමසාරිස් පැහැදිලි කරන්න ඕන..ක්‍රමවේදය පැහැදිලිකරන්න ඕන..එහෙම නැත්නම් වෙන්නේ මේ ව්‍යකුලත්වය උත්සන්න වෙලා දරුවන්ට බරපතල අසාධාරණයක් වෙන එක.."

සුත්‍රය රහසක් නෙමෙයි - හැබැයි මම නම් දන් නෑ - උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් 

 
"කිසිසේත්ම මේක රහසක් නෙමෙයි..ඒවා සියල්ල එලියට දාන්න පුළුවන්..ඒ සුත්‍රය කියන එකෙන් මම දන්නේ නෑ මොකද්ද අදහස් කරන්නේ කියල..විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු හදපු එකක්නම් තියෙනවා.."

මේ සුත්‍රය හැදුවේ ජ්‍යාමිතික විශේෂඥයෝ - එස්.බී දිසානායක 


"මේ ළමයි වෙන වෙනම ඉසෙඩ් ස්කො අගය අරන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන්න ගියානම් අපිට බ
පතල සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා..එක නිසා ජ්‍යාමිතික විශේෂඥයෝ අපේ මහාචාර්යවරු එකතුවෙලා හදපු සුත්‍රයක් හැදුවා..
මේ ඉසෙඩ් ස්කො දෙක එක ඉසෙඩ් ස්කො එකක් කරන්න ළමයින්ට අසාධාරණයක් නොවන්න."

ප්‍රතිඵල බාරගන්න එපා - පාරට බහින්න - අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු


"මේ අතර අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් ප්‍රකාශ කලේ ප්‍රතිඵල බාර නොගෙන නැවත සමීක්ෂණයට යොමුකරන ලෙසත් මෙයට විරුද්ධත්වය පා පාරට බහින ලෙසත්ය".

කෙසේනමුත් පේලි 8 කින් යුතු මෙම සුත්‍රය හැදුවේ එස්.බී අමාත්‍යවරයාට අනුව ජ්‍යාමිතික විශේෂඥයන්ය.උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එය නොදනී. අධ්‍යාපන ඇමතිවරයා එය වටහා ගැනීමට අපහසු බව කියයි.

මේක කම්පියුටරේ පොඩි අවුලක් - එස්.බී

ජනාධිපතිතුමා අපි හැමෝටම බැන්නා
2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා
මාධ්‍යට අදහස් දක්වා තිබුනා. 

එතුමාගේ අදහස් පහතින්
"අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..


ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."

එහි වීඩියෝව පහතින් 

උසස්පෙළ ප්‍රතිඵල ශ්‍රේණිගතකිරීම් නිවැරදි කොට නැවත නිකුත් කරනවා

දිස්ත්‍රික් හා ජාතික කුසලතා ‍ශ්‍රේණි අවලංගු කෙරේ 
නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි  දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිපල හා ඉසෙඩ් අගය දෝෂ රහිත බවත් ශ්‍රේණිගත කිරීම් නිවැරදි කරනලද ප්‍රතිපල නැවත නිකුත්කරන බවත් උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න මහතා ප්‍රකාශකොට තිබේ.

උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගතයි!

10:51 am
දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් වල ගැටළුවක් තියෙනවා - එස්.බී

උසස්පෙළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගයන්ගේ වැරද්දක් නොමැති බවත් නමුත් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ගැටළුවක් සිදුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මිට සුලුවෙලාවකට ප්‍රථම මාධ්‍යට ප්‍රකාශකොට ඇත


07:51 am
දිස්ත්‍රික් රෑන්ක් වැඩි සිසුන්ට වැඩි ඉසෙඩ් අගයක්!

2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.

ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,එම ඉසෙඩ් අගයන් එකම විභාගයක් සේ සලකා එකම ඉසෙඩ් අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.

ඒ අනුව ඔවුන් විසින් සකස් කරනලද සුත්‍රයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ප්‍රථමයෙන් එය නීතිපති වෙත යොමුකරනු ලැබුවා.නීතිපතිගේ අවසරය ලැබීමෙන් පසුවයි ඊයේ දිනයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වුයේ.

නමුත් එම නිකුත්කරනලද ප්‍රතිඵලයේ ගැටළු සහගත තැන ඇති බව අප වෙත වාර්තා වනවා.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථානය අඩු අගයක් ගත සිසුන්ට අඩු ඉසෙඩ් ලකුනකුත් දිස්ත්‍රික්කයේ ස්ථානය වැඩි අගයක් ගත සිසුන්ට වැඩි ඉසෙඩ් අගයකුත් ලැබී තිබෙනවා.


පහත ප්‍රතිඵලවලින් එය වටහා ගත හැකයි.

විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත් නිදැල්ලේ

තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා. 

ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා

ෆේස්බුක් සඳහා සීමිත වාරණයක්?

ෆේස්බුක් හා තහනම් වෙබ් අඩවිවලට පිවිසෙන දරුවන් ඉන් වලක්වා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසනවා. 

අන්තර්ජාලයෙන් හා විවිධ මාධ්‍ය හරහා ළමා මනස විකෘති කරන විවිධ වැඩසටහන් පාලනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නා බව ඔහු පැවසුවේ දෙහිවල සත්ව උද්‍යානයේදී පැවැත්වූ උත්සව අවස්ථාවට සහභාගී වෙමින්.


ඉරාජ්ට දකුණු ඉන්දියාව තහනම්ද?

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න වෙත දකුණු ඉන්දියාවෙන් තර්ජන එල්ලවී ඇති බව වාර්තා වනවා.ඔහු මේ බව ප්‍රකාශකලේ පසුගියදා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ "වෙනස" වැඩසටහනට සහාභාගී වෙමින්.

ඉරාජ් විසින් වෙට්ටිකාරන් නමැති දකුණු ඉන්දියානු චිත්‍රපටයකට "චීන්න තාමරෙයි" නම් ගීතයක් නිර්මාණය කර දීම මෙම ගැටලුවට මුල් වී ඇත.

මේ ඉරාජ්ගේ ඔහු මුහුණපා ඇති තත්වය පැහැදිලි කල අයුරුයි. 


"මම එහෙදි විජය කියන ඇක්ටර්ගේ චිත්‍රපටයක ගීතයක් නිර්මාණය කළා "චින්නතාමරේ" කියලා.ලංකාවේ තව අපිත් එක්ක ඉන්න ටැමිල් වලින් රැප් කරණ කෙනෙකුත් මේ ගීතයට දායක වුනා..

ඒ ගීතය "Most popular song of the year " උනා එහේ...ඉතින් ඊට පස්සෙ මට එහේ ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබුනා..ෆිල්ම්ස් ගොඩක් කළා..

නමුත් ඊට පස්සේ මට වැඩ කරන්න බැරි උනා..මොකද එහෙ මිඩියා වලින් විජේට ඇටැක් කළා...ඔයා ලංකාවේ LTTE යුද්දෙ කාලේ ඔයා කෑගැහුවා නමුත් ඔයාගේ චිත්‍රපටියේ එක සෝන්ග් කරලා තියෙන්නෙ ලංකාවේ සිංහල කොල්ලෙක්.. 

ටී ෂර්ට් 257ක් අඳිමින් ලෝක වාර්තාවක්

ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී අඳිමින් පසුගිය දා හයිඩ් පිටියේදී ලෝක වාර්තාවක් තැබීමට ලංකාවේ තරුණයෙක් සමත් වුනා. හුරුළු වැව, මහවැලි කලාපයේ ගල්කිරියාගම සනත් බණ්ඩාර වන ඔහු මැරතන් තරඟ වලින් නමක් දිනාගත් තරුණයෙක්. 

මීට පෙර එම වාර්තාව තබා තිබුනේ කොරියානු ජාතිකයෙකයෙක්. ඒ ටී ෂර්ට් 252ක් පැයකුත් විනාඩි 42කදී අඳිමින්

මෙම කටයුත්ත අධීක්ෂණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස අලුතින් පත්වූ මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතායි. මෙම වාර්තාවේ වීඩියෝව පහලින්.

කික් කෝලා ෆ්ලෑෂ් මොබ් ඩාන්ස්

2003 වසරේදී පමණ ආරම්භ වූ ෆ්ලෑෂ් මොබ් යනු සංවිධානාත්මක පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක එක්වරම එක්වී නර්තනයක යෙදී එක්වරම විසිර යාමයි.

වෙනත් රටවල මෙය සුලභ දසුනක් වුවත් ලංකාවට මෙය තවමත් නැවුම් අත්දැකීමක්. මීට පෙර එයාර්ටෙල් විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් කොටුව දුම්රියපල ඉදිරිපිටදී ප්‍රචාරක කටයුත්තක නිරත වුන බව අප ඔබට හෙළි කළා.

ඉන් පසුව කික් කෝලා සමාගම විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් නුගේගොඩ හංදියේදී පසුගියදා ප්‍රචාරක කටයුත්තක නිරත වුණා. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.

පලවනදා සිට අධිවේගී මාර්ගයේ බස් රථ සේවාවක්

ගාල්ල සිට කොට්ටාවට 380/=
මෑතකදී විවෘත වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලබන වසරේ පළමුවනදා සිට මගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.සුඛෝපභෝගී බස් රථ මේ සඳහා යොදවා ඇති අතර නියමු ව්‍යාපෘතියක් ලෙසින් පළමුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


මෙහිදී බස් රථ වල කාල සටහන සකසා ඇත්තේ කොට්ටාව දුම්රිය පොලට පැමිණෙන දුම්රියයන්ට සමගාමීවය.ඒ අනුව කොට්ටාව  සිට ගාල්ල බලා යාමට එක් මගියෙකුට වැයවන මුදල ලෙස රුපියල් 380ක් දැනට යෝජනා වී ඇත.

කමල් අද්දරආරච්චිට ඇබැද්දියක්

ප්‍රවීන චිත්‍රපට නළුවෙකු හා ටෙලි නාට්‍ය නළුවකු වන කමල් අද්දරආරච්චි මහතගේ නිවසට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කල පුද්ගලයෙකු පොලිසි අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කමල් අද්දරආරච්චි මහතාගේ නිවස පිරිසිදු කිරීම සඳහා පසුගිය කාලයේ පැමිණි සේවකයෙකි.

පොලිස් අත්අඩංගුවට පත්වූ පසු එම පුද්ගලයා විසින් පොලිසිය තුල අසභ්‍යය වදනින් කෑ ගසා කමල් අද්දරආරච්චි මහතාට බැණ වැදී ඇත.

මේ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා කමල් අද්දරආරච්චි මහතා ද පොලිසිය වෙත ගොස් ඇති අතර පැමිණිල්ල විභාගකොට ඇත්තේ මිරිහාන පොලිසියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි විසිනි.

අය-වැය රාත්‍රී භෝජන සංග්‍රහය

අය-වැය ඡන්ද විමසීමෙන් පසු ව සම්ප්‍රදායානුකූල ව කතානායකතුමා විසින් මැති ඇමතිවරුන් වෙනුවෙන් පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහය පසුගියදා පැවැත්විණි.

කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් කතානායක නිල නිවසේ දී පවත්වන ලද මෙම භෝජන සංග්‍රහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් ද විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ.

එහි ජායාරූප කිහිපයක් පහතින් බලන්න 

යෝජිත නව නියෝජ්‍ය අමාත්‍යවරුන්

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංශෝධනයක් හා නව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට ලබන ජනවාරි මස දෙවන සතියේ සිදු කිරීමට ආණ්ඩුව සැලසුම්කොට ඇත. ඒ අනුව පහත නම් නියෝජ්‍ය මතය ධුර සඳහා යෝජනා වී ඇත

නාමල් රාජපක්ෂ - වරාය හා මහාමාර්ග හෝ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධුරය
හේමාල් ගුණසේකර - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති
නිශාන්ත මුතුහෙට්ටිගම - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - කාන්තා හා ළමා සුබද සාධන හෝ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ධුරය
මනුෂ නානායක්කාර - ජනමාධ්‍යය නියෝජ්‍ය ඇමති
උපේක්ෂා ස්වර්ණමාලි - යෝජනා වී නැත

උපේක්ෂා ගොසිප් ගැන සිත් තැවුලෙන්

පසුගියදා උපේක්ෂා ස්වර්ණමාලි විසිනි දෙරණ රුපවාහිනියේ මෙහෙයවන "උපේක්ශායි ඔබයි මමයි" වැඩසටහනේදී ගොසිප් පිලිබඳ සිය අදහස් පල කලා.එහිදී ඇය කියා සිටියේ තමාට මුලින්ම ගොසිප් එකක් හැදුනු දවසේ සිය ජංගම දුරකතනයද ක්‍රියා විරහිතකොට ගෙදරට වී දින තුනක් සිටි බවයි.

පසුගිය කාලය තුලදී උපේක්ෂා හා මහේෂ්ගේ විවාහය දෙදරා ගිය පසු එයට හේතුව වුයේ දෙරණ රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට උපේක්ෂා සාරංග දිසාසේකර සමගින් වැලන්ටයින් දිනයේ නර්තනයක යෙදීම බවටද කතාවක් පැතිර තිබුණි.

ඒ පිළිබඳව අදහස් පලකල උපේක්ෂා කියා සිටියේ සාරංගගේ පෙම්වතිය තමා හදුනන බවත් සාරංග හා තමා අලලා එවන් කට කතාවක් ගොඩනැගීම පිලිබඳ තමා දුක් වන බවත් යනුවෙනි. සාරංග දිසාසේකරගේ පෙම්වතිය වන්නේ ගායිකාවක් හා ටෙලි නාට්‍ය නිලියක් වන උමාලි තිලකරත්න
යි.

එහි වීඩියෝව බලන්න පහතින් 

ප්‍රකට කලාකාරියකට මාරක අපලයක්

දෙසැම්බර් මස 16 වනදා සිකුරු ග්‍රහයා මකර රාශියට පිවිසීම හේතුවෙන් මෙරට සිටින ප්‍රකට කලාකාරියකට මාරක අපලයක් උදා වන බව ප්‍රවීන ජෝතිෂ්‍ය රෙක්ස් ගුණවර්ධන මහතා සති අන්ත පුවත්පතකට ලිපියක් පළකරමින් ප්‍රකාශ කොට ඇත.

ජෝතිර්වේදී රෙක්ස් ගුණවර්ධන මහතා ඒ බැව් ප්‍රකාශකර තිබුනේ මෙසේය.


දෙසැම්බර් 16 වනදා පෙව: 3:44 ට සිකුරු ග්‍රහයා ධනු රාශියට පිවිසිය.කාන්තාවන්ට ප්‍රබල අපල කාලයක් උදා කරවමින් මෙසේ සිකුරු ලංකා කේන්දරයේ දොළොස්වන්නේ ස්ථාපිත වීම එතරම් යහපත් නොවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලූම ශිෂ්‍ය සංගම් තහනම්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලූ සියලූම පීඨවල ශිෂ්‍ය සංගම් තහනම් කල බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍ය සංගම් කාර්යාල සහ ඒවායේ භාණ්ඩ යළි විශ්වවිද්‍යාල පරිපාලනය වෙත භාරගන්නා බවත් අනතුරුව අදාළ කාර්යාලවලට මුද්‍රා තබන බවත් එම නිවේදනයේ සඳහන්.


උපකුලපතිවරයා විසින් අදාළ ශිෂ්‍ය සංගම් වෙත යැවූ ලිපියේ මෙලෙස හහනම් කිරීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ ඒ ශිෂ්‍ය සංගම් විසින් විශ්වවිද්‍යාලයේ කිර්ති නාමයට හානිකර අයුරින් කි‍්‍රයා කිරිම සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව අනාරක්ෂිත තත්ත්වයට පත් කිරිම යන කරුණුයි.

වත්මන් රජය යටතේ එස්.බී දිසානායක ඇමතිවරයා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට උත්සාහා ගන්නා අතර ඊට එරෙහි වන අනෙකුත් ශිෂ්‍ය සංගම් දැඩි මර්ධනයකට ලක්කිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ පිහියක් පෙන්වා තර්ජනයකළ නවක සිසුවා

පසුගිය දින කීපය පුරාම රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් බරපතල අපහසුතාවයකට පත් වී සිටියේය. ඒ සරසවිය තුළදී හා ඉන් පිටත දී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ මැර ප‍්‍රහාර නිසාය. මේවා පසුපස සිටියේ අන් කිසිවකු නොව ආණ්ඩුවේ හෙංචයියන් ලෙස පසුගිය කාලයේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල් වියදම් කරමින් සරසවි තුළ ගැටුම් ඇති කිරීම සඳහා  පුහුණු කරන ලද (පසුගිය මාසයේ ඌව විශ්වවිද්‍යාලයේ තිබූ නායකත්ව පුහුණුව යැයි කියාගන්නා පුහුණුව) ඊනියා නිදහස්
ශිෂ්‍ය සංගමය යැයි කියාගන්නා සිසුන්ය.

මොවුන්ගේ එකම අරමුණ කෙසේ හෝ සරසවිය තුළ සිසු ගැටමක් ඇති කිරීමය. මේ සඳහා පසුගිය දිනක සරසවියට පැමිණි නවක සිසුවෙකු සරසවි ආපනශාලාව තුළදී සියලූ සිසුන්ට තර්ජනය කළේ ආචාර්යවරුන් පවා බලා සිටියදීය. නමුත් ගැටුමක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ සිසුන්ගේත්, ආචාර්යවරුන්ගේත් මැදිහත්වීමෙනි.

මෙහි මීළඟ අදියර වන්නේ එලියකන්ද මංසන්ධියේදී, එලියකන්ද නේවාසිකාගරය බලා යන විද්‍යාපීඨ සිසුන් ඉලක්ක කර ඔවුන් ගමන්කළ බසය තුළදී එල්ල කළ ප‍්‍රහාරයයි. මෙයට හේතුවූයේ ඔවුන් සිය ඊනියා, ආණ්ඩු ගැති, කුමන්ත‍්‍රණකාරී ශිෂ්‍ය සංගමයට එකතු වන ලෙස කරන ලද ඉල්ලීම විද්‍යාපීඨ සිසුන් පිළිනොගැනීමය.

මෙසේ විද්‍යාපීඨ සිසුන් යොදා ගැනීමට උත්සාහ කළේ අන්කිසිවක් සඳහා නොව ඔවුන් හා අනෙක් පීඨවල සිසුන් අතර ගැටුමක් ඇතිකොට, සරසවිය අඩපණ කොට වසාදැමීමට ආණ්ඩුවට ඇති වුවමනාව ඉටු කිරීමටය. කෙසේ නමුත් විද්‍යපීඨ සිසුන් මෙවර එම කුමන්ත‍්‍රණයට හසුකර ගන්නට නොහැකි වූ විට ඔවුන් ඊළඟට පැටලුනේ කළමනාකරණ හා මූල්‍යපීඨ සිසුන් සමගය. ඒ පසුගිය දිනක විභාගය අවසන් වී විභාග ශාලාවෙන් එලියට පැමිණි මුල්‍යපීඨ සිසුන් හා ගැටුමක්
ඇති කර ගනිමිනි. නමුත් එයද සරසවි ආචාර්යවරුන්ගේත්, අනෙකුත් සිසුන්ගේ මැදිහත්වීමෙනුත් සරසවිය අඩපන වන තරමේ තත්ත්වයකට නොගොස් සමහන් විය. 

හිසකෙස් වලින් විනාඩි 23ක් එල්ලී ලාංකිකයෙකුගෙන් ලෝක වාර්තාවක්

හිසකෙස් වලින් එල්ලී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්වී තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු පුවත් වාර්තා පවසන්නේ කිලෝ ග්රෑම් 57 බර මොහු මිනිත්තු 23 කට වඩා කාලයක් සිය හිසකේ වලින් එල්ලී සිට ඇති බවය.

තමන් විසින් භාවිතා කරනු ලබන්නේ ස්වභාවික තෙල් බැවින් හිසකේ ශක්තිමත් බව ඔහු විසින් පවසා තිබෙනවා.

මෙවැනි ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා අදහසක් පහලවූයේ ශ්‍රී ලංකාවේ සරණාගත කඳවුරක ජීවත්වූ කාලයේදී බවද වැඩිදුරටත් පවසා තිබෙනවා

 එහි වීඩියෝව පහලින්

හිරු ටීවී පරීක්ෂණ විකාශ කටයුතු ආරම්භ කරයි

ABC මාධ්‍ය ජාලයට නවතම ටිවි චැනලය ලෙසින් ඉදිරිපත් වන හිරු ටිවි පරීක්ෂන විකාශන මේවනවිට ආරම්භ කර ඇත.

දැනට පියෝ ටිවි හි චැනල් 19 හි හා ඩයලොග් ටිවි හි 64 හි මෙම පරීක්ෂණ විකාශනය සිදු කරමින් පවතී.

මිට වසර එකහමාරකට පමණ පෙර සියත රුපවාහිනි ආයතනයට ගිනි තබා විනාශ කිරීම සිදුකලේ තමා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සමග සමීප ඇසුරක් පැවැත්වූ දෙමටගොඩ චමින්ද විසින් හෙළිකර තිබේ.

දෙමටගොඩ චමින්ද මේ පිලිබඳ හෙළිකර ඇත්තේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත් අඩංගුවට පත්වූ අවස්ථාවේදීය.දෙමටගොඩ චමින්දගේ සොයුරා ප්‍රසිද්ධ කුඩු අතරමැදියකු වන කුඩු නුවන් වේ.

බෞද්ධ නාමධාරි මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙවුනා අසපුවට පිළිතුරු

පසුගිය දා අප වෙබ් අඩවියෙහි පළවූ "කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්" යන ලිපිය පිළිතුරු ලිපියක් "බුදු සසුන සුරකිමු" සංවිධානය විසින් අප වෙත ඒවා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

”බුදු සසුන සුරකිමු ” සංවිධානයෙන් බෞද්ධ නාමධාරි මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙවුනා අසපුවට පිළිතුරු

පසුගිය දිනක ගොසිප්9 වෙබ් පුවත්පතට මහමෙවුනා අසපුව නිවේදනයක් නිකුත්කොට තිබිණි. එහි ප‍්‍රධාන වශයෙන් කරුනූ දක්වා ඇත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදුකරන සේවයෙන් බියපත්ව අභූත චෝදනා කරමින් නීච ගති පැවැතුම් ඇති ගිහි පැවිදි පිරිසක් ඤාණානන්ද හිමියන්ට එරෙහිව මඩ පෝස්ටර් සහ කැලෑපත්තර ව්‍යාපාරයක් ගෙනගොස් ඇතිබවත් පර්යේෂණ මුවාවෙන් කැලෑපත්තර ආකාරයේ ග‍්‍රන්ථ ප‍්‍රකාශයට පත්කොට ඇතිබවයි.


මහමෙවුනා අසපුව විසින් මඩ පෝස්ටර සහ කැලෑ පත්තර ලෙස හුවාදක්වන පෝස්ටරය සහ අත් පත‍්‍රිකාව ”බුදුසසුන සුරකිමු ” සංවිධානය වන අප විසින් ප‍්‍රකාශයට පත්කරන ලද්දකි. එය කිසිසේත් මඩ පෝස්ටරයක් හෝ කැලෑ පත්තරයක් නොවනබව මෙරට බෞද්ධ ජනයා වෙත අප දන්වා සිටිමු. 


මෙබ`දු පත‍්‍රිකාවක් සහ පෝස්ටරයක් අප, ”බුදුසසුන සුරකිමු” සංවිධානය විසින් ප‍්‍රකාශයටපත් කළේ ඇයි දැයි අප විසින් නිවේදනය කලයුතුව ඇත. එය මෙසේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන අවන්හල

කොළඹ, සිනමන්ලේක් හෝටලයේ අනුග‍්‍රහයෙන් සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් පාවෙන අවන්හලක් ඊයේ (19) රාත‍්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. 

ප‍්‍රථම වතාවට ශ‍්‍රි ලංකාවේ ඉදිකෙරුණු දිගින් අඩි හැත්තෑවක් වන අතර පළල අඩි තිහක් වන මෙම පාවෙන අවන්හල වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර පළමු මහල ආවරණයකොට වායුසමීකරණය කර තිබෙනවා.

මෙහි දෙවනමහළේ සිට බෙරේ වැව එපිට සුන්දරත්වය මෙන්ම රාත්‍රී අහස බැලිය හැකි සේ සකසා ඇති වහලෙන් රාත්‍රී අහසේ සුන්දරත්වයක් විඳගැනීමට හැකියි. 

මෙම පාවෙන අවන්හල සම්පුර්ණයෙන් නිමවා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසිනුයි.


Pontoon North 8 නමින් හැඳින්වෙන මෙම පාවෙන අවන්හල විවෘත කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ජෝන් කීල්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක ඇතුළු පිරිසක් ඒ සහභාගි වී සිටියා.

එහි ජායාරූප කිහිපයක් පහතින් බලන්න 

රනිල් ගෙන් සිරසට කළු ගලක්

සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිලිබඳ පැහැදිලි කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යය හමුවක් පැවැත්වුවා.එහිදී අදහස්කළ විපක්ෂ නායකතුමා.

"එකක් තියෙනවා මාධ්‍යය දේශපාලනය,එකේදී කොයි අවස්ථාවේදී රඟපාන්නේ කියල දැනගන්න ඕන..නිතිය කඩන වෙලාවේ රඟපාන්න හොද නෑ නීතියට අනුකුලව රඟපාන්න හොඳයි.


විශේෂයෙන් කියන්න ඕන මහරාජා මව්බිම බලවේග වලට එක්සත් ජාතික පක්ෂය යටත් කරලා අල්ලගන්න ඉඩ දුන්නේ නැහැ.අපේ අද ජිවිතයට තර්ජනයක් වෙලා සිරස ගෙනියන ව්‍යාපාරය..අපේ පක්ෂයට තර්ජනයක් වෙලා..ඕකට මව්බිමත් එකතු වෙලා උදව් කරා මව්බිමටත් සල්ලි හම්බවෙනවා..එකත් මම දන්නවා..බලේ ගන්න තියන කෑදරකම.."

ඉන් පසු ඊයේ දිනයේ සිරිකොතට එල්ල වූ කළු ගලක් රැගත් විපක්ෂ නායක තුමා

"අනේ මේ මේක අරන් ගිහින් දෙන්නකෝ අපේ මිස්ටර් කිලි රාජා මහේන්ද්‍රන්ට..සිරස ඇවිත් ඉන්නවද? කව්රුහරි ගිහින් දෙන්න එයාට..මමම ගිහින් දෙන්නම්කො.."


ඉන්පසු සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවෙ
දී යා අතට කළු ගල ලබාදුන් විපක්ෂ නායකවරයා පැවසුවේ "මේක ගිහින් කිලි මහරාජට දෙන්න..මට වැදුනේ නෑ..බුදු පිළිමෙට වැදුනේ මේක.."
 
එහි වීඩියෝව බලන්න පහතින් 

හිරුණිකාගේ අලුත් දේශපාලන පක්ෂය ගැන කතාව බොරුවක්

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගියදා එක්තරා පුවත්පතක වාර්තා වුනා.

නමුත් ඒ පිළිබඳව ගොසිප්9 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙන් සිදු කල විමසීමකදී ඈ අපවෙත ප්‍රකාශකොට සිටියේ ඇය එවන් දෙයක් ප්‍රකාශ නොකළ බවත් අදාළ මාධ්‍යයවේදීයා විසින් එය වරදවා වාර්තා කොට ඇති බවයි.

ඒ පිලිබඳ අදහස් දක්වන හිරුණිකා

ප්ලාස්ටික් කුඩ සටනට මැදිවූ අපේ ගොවියෝ

එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කරන ලද "ප්ලාස්‌ටික්‌ කූඩ" නීතිය රට පුරා ආන්දෝලනාත්මක සිදුවීම් වලට මුල්වූ කරුණක් විය.

ඇත්තෙන්ම මෙම ප්ලාස්ටික් කුඩ කලබගෑනිය ඇතුලතින් ක්‍රියාත්මක වුයේ සැබෑ ගොවීන්ගේ හඬද? එය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

ප්ලාස්ටික් කුඩ මිලට ගැනීම මෙන්ම ඒවා භාවිතය හේතුවෙන් ගොවියාට යම්කිසි පාඩුවක් දැරීමට සිදුවන බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණකි.නමුත් එහි අවසන් ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනුයේ පාරිභෝගිකයාටය.මන්ද ප්‍රවාහන වියදම ඉහල යාම හේතුවෙන් එළවළු හා පලතුරු වල මිල ගණන් ඉහල යාමද සිදු විය හැකි බැවිනි.

ප්ලාස්ටික් කුඩ පිලිබඳ ප්‍රශ්නයේදී ගොවීන්ට ගෝනි නිපදවන ව්‍යාපාරිකයන්ගේ බළල් අතක් වීමටත්, ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ප්ලාස්ටික් කුඩ සමාගම් තුනකින් ලැබෙන ඩොලර් කුට්ටි අනුව වැඩ කිරීමටත් සිදු විය.

සරත් ෆොන්සේකාට ලබන මාසයේ නිදහස ලැබෙයිද?

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනපති සමාව සහිතව 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස හිමි වන බව රජයේ ඉහල පෙළේ ආරංචි මාර්ග අනුව කියවෙන බව මේ දිනවල අසන්නට ලැබෙනවා. 

මීට පෙර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් ෆොන්සේකා මහතාට ජනපති සමාව දෙන ලෙස ඉල්ලා තිබුණ නමුත් ඒ කිසිවකට ජනාධිපතිතුමා ඇහුන්කන්දුන් බවක් පෙනෙන්නට තිබුනේ නෑ.

ජනාධිපතිතුමාට අවශ්‍යය වූයේ සරත්ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කෙනෙකු ලවා සමාව ඉල්ලනු දැකීමටය. නමුත් සරත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු ජනාධිපතිතුමා වෙත ගොස් සමාව ඉල්ලිමට කැමැත්තක් දැක්වූයේ නෑ.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් පසුගියදා පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත්ය. එහෙත් පැවැති සාකච්ජා මොනවාදැයි ඔහු හෙළිකළ කළේ නැත. ඒ අනුව නිදහස ලැබූවද අහිමිවූ වරප්‍රසාද ලැබෙනේද, විදේශ ගතවීමේ නිදහස හෝ දේශපාලනය කිරීමේ අයිතිය ලැබෙන්නේද, කවර කොන්දේසි වලට යටත්ව නිදහස ලැබෙන්නේද යන්න දැනගන්නට ලැබෙන්නේ නැත.

ලොව දිගම සුබපැතුම් පත වැලිකඩ හිර ගෙදරින්

2012 වසර සඳහා සකස් කෙරුණු ලෝකයේ දිගම සුබපැතුම් පත ලෙස සැලකිය හැකි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් නිර්මාණය කරන ලද සුබ පැතුම්පත හෙට (21) ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.

මෙම සුබපැතුම් පත අඩි 195 ක් ද, පළල අඩි 05 ක් ද වනවා.මෙරට රාජාවලියේ රජවරුන්ගේ සිට වර්තමාන පාලකයන් දක්වාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් මෙම සුබ පැතුම් පතෙහි අන්තර්ගතව ඇත.මෙය ලොව දිගම සුබ පැතුම්පත ලෙස ඇතුලත් කිරීමට මේවනවිටත් කටයුතු යොදා ඇත.

රනිල්- කරු සටනින් රනිල් දිනයි

7:15 pm 
කළබල කළ මන්ත්‍රීන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර විසින් කළබල කළ පිරිස අමතමින් ඉවත්වී යන්නැයි ඉල්ලා සිටිය අතර ඉන් පසු සියල්ලෝම ඉවත්වී ගියා.

ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 6.15ට පමණ උඩුමහලේ සිට පහළට පැමිණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ අලාභහානි කැර තිබූ වාහන, ගල්ගසා කඩා බිඳදමා තුබු බුදුමැදුර ද, කඩා බිඳ දැමූ පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව ආදිය පිරික්සීමෙන් පසුවයි

මේ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති වූ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රෝස් ප‍්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා.
5:22 pm 
සිරිකොතට දැඩි හානි 
පක්ෂ මූලස්ථානයේ නාමපුවටද අලාභානි කර තිබෙන අතර ගේට්ටුව කඩා දමා පාක්ෂිකයින් සිරිකොතට ඇතුල්වී තිබෙනවා. ගල් මුල් වලින් පහර දීමෙන් පක්‍ෂ මූලස්ථානයේ සියළුම දොර ජනෙල් බිඳී ගොස් ඇති අතර සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී ගොස් තිබෙනවා.

පාක්ෂිකයන් විසින් පොලු මුගුරු රැගෙන පොලිසිය ඉදිරිපිටදීම පුද්ගලයින්ට පහරදී ඇති අතර පොලිසියේ 20ක් 30 ක් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණි බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳ දෙරණ වීඩියෝව පහතින්

දෙදිනක් පුරා පැවැත්වුණු කලම්බු නයිට් රේස්

කොළඹ නයිට්‌ රේස්‌ (COLOMBO NIGHT RACE) මෝටර් රථ ධාවන තරග පසුගිය 167 හා 17 වනදා කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.

කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලිය නැරඹීම සඳහා ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පැමිණ සිටියහ.

ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලියසඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සහභාගී විය.

මෙම තරඟාවලිය පුරාවටම කැපිපෙනෙන දක්ෂතා ඉදිරිපත්කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශුරි දිලන්ත මාලගමුව හා යතුරුපැදි අංශයෙන් ශ‍්‍රියාන් සැමුවල් සමත්විය.ඒ අනුව G.T 4 මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය.

250 සී. සී. විවෘත ඉසව් දෙකම ජය ගත් ශ‍්‍රියාන් සැමුවල් තරගාවලියේ යතුරු පැදි අංශයේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා විය. 9 හැවිරිදි ජේඩන් සහ 8 හැවිරිදි අරොන් යන ගුණවර්ධන සොහොයුරෝ මෙම තරගාවලියේදී ස්ටෑන්ඩර්ඞ් 125 සී. සී. 4 ස්ට්‍රොක් ඉසව්වේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගත්හ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ ද එස්. එල්. එච්. 1600 සී. සී. ඉසව්වට සහභාගිවිය.මෙම තරඟාවලිය පුරාවට මෝටර් රථ අනතුරු කිහිපයක් වාර්තා වී තිබිණි.එම අනතුරු කිහිපයක ලැබී ඇති ජායාරුප හා වීඩියෝ දර්ශන පහතින් බලන්න 

කලම්බු නයිට් රේස් ජායාරූප එකතුව

ජායාරූප සඳහා ස්තූතිය
උතුම් පෙරේරා
උපේඛ හේවාවිතාරන
ඉෂන්ක වරකගොඩ
ප්‍රියාන්
දසුන් රණසිංහ

රූකාන්ත රිය අනතුරක

ජනප්‍රිය ගායකයෙකු වන රූකාන්ත ගුණතිලක මහතා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී රිය අනතුරකට ලක්ව ඇති වාර්තා වේ.

රූකාන්ත ගුණතිලක මහතාගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බව වාර්තා වන මේ වන විට රිච්මන්ඞ් යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් හි ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.


රූකාන්ත ගුණතිලක මහතා සියත ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ජනපති සමාවට සරත් ෆොන්සේකා එකඟ වේ

තම පවුලේ අය හැර වෙනත් ඕනෑම පාර්ශවයක් තමන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලන්නේනම් ඊට තමා විරුද්ධත්වයක් නොමැති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශකොට තිබේ.

ඊයේ (17) එතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබුනේ එතුමා බැලීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකටයි.

මේ අනුව ජනපති සමාව සඳහා විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමටසුදානම් වන බව වාර්තා වේ. 

සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් අප්සරා ෆොන්සේකා මෙනවිය ධවල මන්දිඑයට ඉදිරිපත්කල පෙත්සමට මේවනවිට අත්සන් 20,000 කට වැඩි ප්‍රමාණයක් එකතුවී ඇති අතර එක්සත් ජාතින් සඳහා විපක්ෂ නායක වරයා ඉදිරිපත්කිරීමට යන අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබිණි.


සරත් ෆොන්සේකා මහතගේ 61 වන උපන් දිනය අදට (18) දී තිබෙනවා.


තිස්ස අත්තනායක සිදුකල ප්‍රකාශය බලන්න පහතින් 

මහේල ලකුණු 9,999න් දැවී යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් පාර්ක්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මීට සුළු වෙලාවකට පෙර තමන්ගේ ටෙස්ට් ලකුණු 9,999 ලබාගන දුවද්දී දැවීයාමකට ලක්වුණා.

පළමු වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටින ශී‍්‍ර ලංකා පිල තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා.