ලෝක විනාශය, සුනාමි හා භූමිකම්පා ගැන කියූ අනාවැකි සියල්ලම බොරු වෙයි !!

2012 වසර ගෙවී යාමට ඇත්තේ තවත් පැය කිහිපයකි. මෙම වසර සඳහා අනාවැකි ලෙස පට්ටපල් බොරු කියූ තවත් වසරක් ඉතිහාසයේ නැත

2012 දෙසැම්බර් 21 වනදා මායාවරුන්ගේ කැලැන්ඩරය අවසන් වීම නිසා ඒ මතින් ගොඩ යෑමට අනාවැකිකරුවන් රැසක් පහල විය.

ඒ අතර ලංකාවේ සිටි අනාවැකිකරුවන් හා ජ්‍යේතිෂ්‍යවේදීන් රාශියක් වූ අතර අන්තර්ජාලය ඔස්සේ සොයාගත් විස්තර හා ඔලුවේ මැවුණු මස්ගාත වලින් පට්ටපල් බේගල් රාශියක් ඔවුන් පසුගිය කාලයේ ඇදබා තිබුණි.

කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර

චෙක් රාජ්‍යයේ සිට මොස්කව් බලා එමින් තිබූ ජෙට් ජානයක් ඊයේ මාර්ගයකට කඩා වැටී තිබුනා.

එම මොහොතේ ගුවන් යානයේ 12 දෙනෙකු සිට ඇති අතර 4 දෙනෙකු මියගොස් තිබුනේ ගුවන් නියමුවන් දෙදෙනාද සමඟිනි.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනය වූ කැමරාවක එය සටහන් වී තිබුනේ මෙසේය.

උල්කාපාත 6ක් වැටෙන විට රතු කහ වැසි වලින් පසු කොල වැසිත් වැටේ

පසුගිය මාසයට උල්කාපාත 6ක් වැටේ

පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ කිහිපයකට උල්කාපාත වැටී තිබුණා.

ඒ අතර ප්‍රදේශ ගනනාවකට පසුගිය කාලයේ රතු වැසි වැටී තිබූ අතර රතු වැසි වලින් පසු කහ වැසි වැටුණි. මෙලෙස පාට පාට වැසි මෙතෙක් ලංකාවේ වාර්තා නොවුන අතර දැන් වැටෙන්නේ කොල පාට වර්ෂාවයි.

අප වෙත වාර්තා වන පරිදි එම වැසි පිළිබඳව වාර්තා වූ දින හා ප්‍රදේශ මෙසේය.

චතුරිකා හා ගයාන් ගේ යුග ගීතය

මේ දිනවල බොහෝ ආන්දෝලනාත්මක චරිත දෙකක් වන චතුරිකා පිරිස් සහ ගයාන් ඊයේ රාත්‍රියේ හිරු නාලිකාවේ කොපි චැට් නම් වැඩසටහනට සහභාගී විය. 

එහිදී එක ළඟ අසුන්ගෙන සිටි දෙදෙනා වැඩසටහන අතරතුරේදී "මී පිරුන සුවද මල් වනේ" යුග ගීතය ගායනා කිරීමටද අමතක කලේ නැහැ. 

එම ගීතය අවසානයේ එම වැඩසටහනේ නිවේදකයා හා චතුරිකා -ගයාන් අතර ඇතිවූ සංවාදය මෙසේය.

එළඹෙන 2013 නව වසර ඔබට කොහමද ?


ඉරිදා ලංකාදීප ලිපිය බලන්න මෙතනින් 

ඉරිදා ලක්බිම ලිපිය බලන්න මෙතනින් 

මව්බිම ඉරිදා ලිපිය බලන්න මෙතනින්

මව්බිම සඳුදා ලිපිය බලන්න මෙතනින් 

මව්බිම ආර්යා ලිපිය බලන්න මෙතනින්   

ලිං බැම්ම කැඩූ මෝටර් රථය

අනුරාධපුර සීගිරිය මාර්ගයේ ඊයේ රාත්‍රී 11 ට පමණ මෝටර් රථ අනතුරක් සිදුවී තිබුණා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ රියදුරුට නින්ද යාම නිසා එය පාරෙන් ඉවතට පැන අසල පිහිටි ලිඳක බැම්ම කඩාගන ගොස් නැවතී තිබුණේ පහත පරිදිය.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභානි වී තිබුනද මෝටර් රථයේ පැමිණි කිසිවෙකුට කිසිවකුටත් අනතුරක් වී නැහැ.

කැමරාවේ සටහන්වූ චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම

චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.

ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.

එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.

ටෝනි ග්‍රේග් මියයයි

ක්‍රිකට් විස්තර විචාරකයකු වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් අභාවප්‍රාප්ත වී තිබේ.

පෙනහළු පිළිකාවකින් පෙළුණු ඔහු මියගොස් තිබෙන්නේ හෘදයාබාධයකිනි. මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.

6 දෙනෙකු විසින් දුෂණය කළ ඉන්දියානු සිසුවිය මියයයි

පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි.

එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.

23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත.

වසර දහස් ගණනකට පෙර නියං කාලයේ ගොඩබිම වැවූ "ස්වයංජාත" වී

ලංකාව යනු නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් සහිත රටක් වන නිසා දිගු නියං කාලයන් වලදී වගාවන්ගෙන් අස්වනු ලබාගැනීම දුෂ්කරය.

නමුත් වසර දහස් ගානකට පෙර භාවිතා වූ "ස්වයංජාත" ලෙස හඳුන්වන වී වර්ගයෙන් වියලි නියං තත්ත්වයකදී වුවද අස්වනු ලබාගත හැකිය.

මෙම වී විශේෂය වගා කිරීමට කුඹුරක්ම අවශ්‍යය නොවේ. ගොඩබිමක හෝ වගා කළ හැක.

හුලං නොබසින ටයරයක් යක්කලමුල්ලේ තරුණයකුගෙන්

හුලං පුරවන ලද කුඩා රබර් බෝල උපයෝගි කර ගනිමින් තියුණු තුඩු සහිත ඕනෑම මතුපිටක් උඩින් ටයරය ධාවනය කළ හැකි ක‍්‍රමවේදයක් සොයාගැනීමට යක්කලමුල්ල කොට්ටව ප‍්‍රදේශයේ තරුණයකු සමත්වී තිබෙනවා.

විදුලි කාර්මිකයකු වන එම ඔහුගේ මෙම ක්‍රමය අනුව බයිසිකල් ටයරයක ටියුබය වෙනුවට ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් මෙම සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කරයි.

ප්‍රශ්න පත්‍ර පිටවීමට විභාග කොමසාරිස් වගකියන්න ඕනේ. මම අස්වෙන්නේ නෑ- බන්ධුල

මම පූස් පැටියෙක් වගේ අහිංසකයි

පසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍රවල දෝශ හා Z-ස්කෝර් ගැටළුව නිසා අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබුනේ තමන් ඉල්ලා අස් නොවන බවයි.

පසුගියදා සාමන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රයක් පිටවී තිබීම නිසා නැවත වතාවක් එවැනි වාතාවරණයක් ඇතිවූ අතර බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා පවසා තිබුනේ ප්‍රශ්න පත්තර හැදුවේ තමා නොවන නිසා ඒකට විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවත් තමා පූස් පැටියෙක් වගේ අහිංසක නිසා ඉල්ලා අස් නොවන බවත්ය.

ආරක්ෂිත කැමරා නිසා කොටුවූ සූරියවැව හා පානදුර සොරකම්

පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පිංකමක් පැවැත්වෙන අතරේ සොරුන් යුවලක් උන්වහන්සේගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කර තිබුණා.

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරගතවී සිට බන්ධනාගාරයෙන් නිදහස්ව පැමින තිබුනේ ඊට කලින් දිනයේය.

ගුගල් වලින් "SEX" සොයා ලංකාව පළමු තැනට

අප්‍රේල් , දෙසැම්බර් නිවාඩු සමයේ වැඩිම සෙවුම් ප්‍රමාණයක් 

ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය. 

මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාවෙමින් දෙවන ස්ථානයේ රැඳී ඇත. 2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී ඇත. 

ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය.

එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා ඇත.

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 හා ගුගල් ඔස්සේ වැඩිපුරම සොයා ඇති යෙදුම් වන්නේමෙසේය.

පිළිකාවෙන් කළුවූ චාවේස් "සුදු" කිරීමට ජනපතිගෙන් ඇරයුම් ?

වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාර්වේස් මහතා පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉක්මනින් යහපත් තත්වයට පත්කිරීම සඳහා තමා දන්නා ශ්‍රී ලංකාවේ දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සහය ලබාදීමට සුදානම් බව ලිපියක් යවමින් ජනාධිපතිවරයා විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.


ඇතැම් පුවත්පත් විසින් "වෛද්‍යවරු" යැවීමට සුදානම් බව පවසුවදා ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වන්නේ එක් වෛද්‍යවරයෙකු ගැන පමණි.

එම ලිපියේ කොටසක පරිවර්තනයක් පහතින් බලන්න

ජායාරූපයක් නිසා හිරි ඔතප් බිඳුනැයි යුරෙනි ගෙන් චෝදනා

යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.

අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.

එහෙම ෆොටෝ එක්කට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.

එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.

රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ ෆේස්බුක් පෙම

රිමාන්ඩ් රැඳවියන් විසින් ඝාතකයාට අසුචි කවමින් පහර දීලා

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.

තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේ මෙම අපරාධය සිදුවුනේ කෙසේදැයි යන්න පිලිබඳ ප්‍රශ්නාර්තයක්ද එක්කරමිනි.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. මෙසේ මියගොස් සිටියේ දරුවන්ගේ මව වන සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක යන අයයි.

මුලදී ප්‍රෙහෙලිකාවක් වුවත් ප්‍රශ්න කිරීම් හමුවේ මියගිය සඳමාලිගේ සැමියා වන මධුර ද සිල්වා මෙම අපරාධය සිදුකර ඇති බවට පාපොච්චාරණය කරන ලදී . ඔහුගේ ගාල්ලේ පදිංචිකරුවෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ "Caremate" නම් සමාගමේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. ඔහු මෙමැ මිනීමැරුම සිදුකොට තිබුනේ ඔහුගේ අනියම් පෙම්වතිය විවාහ කරගැනීමේ වුවමනාවෙන් බවද පාපොච්චාරණයේදී හෙළිවී ඇත.

මේ ඒ පිලිබඳ වැඩිදුර විස්තරයකි. මධුර නම් අපරාධකරු මෙම යුවතිය හදුනාගන්නේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා සති තුනක් පමණ චැට් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ වී තිබේ.

ගායක අමල් පෙරේරාට ගුටි සංග්‍රහයක්

සුපර් ස්ටාර් විනිශ්චයට මගින් ආන්දෝලනාත්මක චරිතය නිරුපනය කල අමල් පෙරේරා බොහෝ හදුන්වන්නේ කලහකාරී චරිතයක් ලෙසිනි. 

මෙයට පෙර අමල් පෙරේරා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාර අවහිර වන ලෙස වාහනය නවත්වා පොලිසිය සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙනි. 

එහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා ගැන පොලිස් වාර්තා බැලීමේදී හෙලිවුයේ අමල් පෙරේරා හට 1997 වසරේ නිකුත් කල වරෙන්තුවක්ද තිබී ඇති බවයි. 

කෙසේ නමුත් අමල් පෙරේරාගේ නැවතත් ආරවුලක් පස්ගියදා ඇතිකරගෙන තිබෙන්නේ කොළොඹ "Kama" රාත්‍රී සමාජ ශාලාවේදීය. 

රිදී රැයක් 10 (ජායාරූප එකතුව)

Photography : Kazun Rathnayke (CLiK Photography)

අනියම් සබඳතා වලින් තේරූ මිස් සෙලින්කෝ කුමරිය

පෙරේදා කොළඹ ගලදාරී හෝටලයේදී මිස්‌ සෙලින්කෝ VIP අවසාන තරඟය පැවැත්වුණා. එහිදී "මිස්‌ සෙලින්කෝ VIP කුමරිය" ලෙස තේරීපත්වූයේ තාරුකා වන්නිආරච්චිය. එහි දෙවැනි ස්ථානය ඉරෝෂා අසංකි විසින්ද තෙවැනි ස්‌ථානයත් රුක්‌ෂානි රශ්මි ප්‍රභා විසින්ද හිමිකරගත්තාය.

මෙම තරඟයේ මුල සිටම තිබී ඇත්තේ වංචාවන් වන අතර ජයග්‍රාහිකාවන් තෝරා ඇත්තේ සෙලින්කෝ ආයතනයේ නිළධාරීන් සමඟ 
තරඟකාරියන් හා ඔවුන්ගේ මව්වරුන්ගේ තිබූ අයථා සබඳතාවලිනි. ඒ පිළිබඳ වැඩි විස්තර හා පලාත් මට්ටමින් පැවති තරඟවලදී ගත් ජායාරූප එකතුවක් පහතින්.

ගුගල් ප්ලේසස් API තරඟයේ ලංකාවේ නිර්මාණයක් අවසන් වටයට

ගුගල් සමාගමේ ගුගල් මැප් ආශ්‍රිත පරිගණක වැඩසටහනක් වන "ගුගල් ප්ලේසස්" විසින් පවත්වනු ලබන ගුගල් ප්ලේසස් API චැලේන්ජ් තරඟාවලියේ අවසාන වටය සඳහා ශ්‍රී ලංකාවේ තරුණයන් කිහිපදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ගුගල් මැප් ආශ්‍රිත පරිගණක වැඩසටහනක් වන " Geo Lanka " තේරී තිබේ. 

රටවල් ගණනාවක පරිගණක වැඩසටහන නිර්මාණකරුවන් මෙම සඳහා තරඟ වදින පරිසරයක අවසන් වටය සඳහා ශ්‍රී ලංකාවේ නිර්මානයක් තේරීම අගය යුත්තකි.

වෙඩි වැදුණු ගැබ්බර මුවෙකුට දිවිදෙන්න සිසුවෙක් මහ තැතක

වෙඩි වැදී කැලයේ වැටි සිටි ගැබ්බර මුව දෙනක විල්බැරෝවක තබා නිවසට රැගෙන ආ ගල්ගමුවේ මඩදොඹේ ප්‍රදේශයේ දොළොස් හැවිරිදි ඩබ්. එම් සඳරුවන් වන්නියාක සිසුවා තුවාල වලට බෙහෙත් දමමින් මුව දෙනව ජිවත්කරවීමට උත්සාහ කරයි. 

බඳින ලද පත්තු වීම මගින් මුව දෙනගේ කකුලක් කැඩී හමෙන් එල්ල වැටෙමින් තිබේ. මුව දෙනගේ මුනිස්සම් ඉවත් කිරීමට මෙන්ම දන්නා අයුරින් ප්‍රතිකාර කිරීමට සඳරුවන් සමත්වී ඇත. 

මුවාට ආහාර වර්ග දෙමින් සාත්තු කරමින් මුවාගේ දිවි රැක ගැනීමට සඳරුවන් දැඩි උත්සාහයක යෙදෙන අතර මුව දෙනාගේ දිවි රැකගැනීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමුකිරීමද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. 

මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.

ගයාන් හා චතුරිකාගේ නිරුවත ගයාන්ගේ බිරිඳ හෙළි කරයි

චතුරිකා හැමෝම ඉදිරියේ සම්බන්ධයක් ඇති බවට පිළිගත්තා.

ගයාන් සමහර දවසට පාරේ බැහැල යන්න බැරි ගානට මට ගහනවා.

ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා 
 
පසුගිය සතියේ අප ලිපියක් මගින් රොෂාන් පිලපිටිය හා චතුරිකාගේ සම්බන්ධය බිඳ වැටීම පිලිබඳ හා ඒ පිළිබඳව එකිනෙකා නගන චෝදනා ඉදිරිපත්කරනු ලැබුවා. එහිදී චතුරිකා විසින් එම සම්බන්ධය බිඳ වැටීමට තුනවන්නෙක් නොමැති බව පවසමින් රොෂාන් පිලපිටිය සමලිංගිකයෙකු බව අඟවා තිබුනා. 

රොෂාන් පිලපිටිය අප එත පැවසුවේ ඇය ගයාන් වික්‍රමතිලක සමග සමග සම්බන්ධයක් ආරම්භකොට ඇති බවයි. දෙදෙනාට දෙදෙනා මෙම චෝදනා එල්ල කරන ලද පරිසරයක බොහෝ දෙනා බලා සිටියේ මෙහි ඇත්ත කතාව කුමක්ද යන්නයි. 

ඒ අනුව චතුරිකාගේ චෝදනා පුස්සක් බවට පත්කරමින් රොෂාන් පිලපිටියගේ චෝදනා ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් විසින්හෙළිකොට තිබෙනවා.පහත ඇත්තේ ඇගේ හෙළිදරව්වයි.

දෙසැම්බර් 29 වනදා ලංකාවට භූමිකම්පාවක් වෙයිද?

සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා -ජ්‍යේතිර්වේදි ඇල්බට් සුදසිංහ

ලෝක විනාශය වන බව පැවසුන දෙසැම්බර් 21 වනදා ගෙවීගියද තවත් විනාශයක් අත ලඟ බව ඇතැම් පුද්ගලයන් අනාවැකි පල කරනවා

2004 සුනාමිය ගැන අනාවැකි කියූ බව පැවසෙන ලලිත් විජේවර්ධන මහතා ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

"මං මේක සුනාමි අනාවැකියක් කියලා කියන්නේ නෑ. මෙක ගොඩබිමට වෙන්න පුළුවන්. මං කලින් මුහුදු තීරයට ගිහින් කිව්වා සුනාමියක් කියලා. මොකද මේ භූමි කම්පා ගැන පස් සාම්පල් වලින් අවුරුදු 3 කට කලින් කියන්න පුළුවන්. 29 වනදා මේ භූමිකම්පාව වෙනවා."

අද සවස 4.41ට නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.

නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.

පැය හයක්‌ හා සතියක් තම සොඳුරිය තනි නොකළ සුනඛයෝ

චීනයේ ෆිජියාන් පලාතේ මහා මාර්ගයයේ ගමන් ගත් අයට පසුගියදා දැකගත හැකිවුනේ හද කම්පා කරවන දසුනකි.

මෝටර් රථයකට හසුවී එක් සුනඛයෙකු මියගොස් සිටි අතර මාර්ගයේ වැතිර සිටින තම සොඳුරිය අත හැර යාමට අකමැති තවත් සුනඛයකුද මාර්ගයේම සිටියා.

තම පෙම්වතිය නැඟිටුවා ගැනීමට පැය 6ක් උත්සාහ ගත් එම සුනඛයා පිළිබඳව අසල පිහිටි වෙළඳසැලක හිමියෙකු ප්‍රකාශ කර තිබුනේ වේගයෙන් ඇදී එන වාහන වලින් බේරෙමින් තම මිතුරිය නැඟිටුවාගැනීමට එම සුනඛයා අපමණ වෙහෙසක් ගත් බවයි.

ෂෙරිල් ගේ කොරියාවේ රැඟුම්

"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය. 

මේ වනවිට එහි දෙවන කොටසද රුගතකොට අවසන් ව ඇති අතර ඉදිරියේදී "දිගු දෑස 2" ලෙස නිකුත් වීමට නියමිතයි. 

ෂෙරිල් පසුගිය දින කිහිපයේ කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටි අතර එහිදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වනවා. 

එම නර්තනයන් ඇතුලත් වීඩියෝවක් බලන්න පහතින්

Miss Universe 2012 කිරුළ ඇමරිකාවට

ලංකාව නියෝජනය කරමින් Subrina Herft සහභාගීවූ, ඇමරිකාවේ Las Vegas හි පෙරේදා පැවති මිස් යුනිවර්ස් 2012 තරඟයේ කිරුළ හිමිකරගත්තේ Miss USA නියෝජනය කළ Olivia Culpo යි. දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත්තේ Miss Philippines හා Miss Venezuela යි. එම තරඟාවලියේ ජායාරූප එකතුවක් මීට පෙර අප ඔබට ගෙන ආ අතර අවසන් තරඟයේ ජායාරූප හා වීඩියෝව පහතින්.

හලාවත කන්ටේනර් අනතුර

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය පිටරගේලීමෙන් කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගමින් තිබු ඉස්සන් කෑම සහිත කන්ටනේරයක් පෙරලීමෙන් එහි ගමන්ගත් හලාවත පොලිසියේ පොලිස් නිලධාරියෙකු යටවී මියගොස් ඇත.

පොලිසිය හා හමුදාව එක්ව එම මළසිරුර ගොඩගත් අයුරු පහතින් බලන්න.


ජායාරුප හා විස්තර : ජයසංක ප්‍රනාන්දු

ලෝක විනාශය අද සිදු වෙයිද?

අද දෙසැම්බර් 21 දාය. ලෝකයේ බොහෝ දෙනෙකු අද දිනය ගැන උනන්දුවේ. ඒ ලෝක විනාශය අද වන බවට පැතිර තිබූ කටකතා නිසාය.

අද දිනයේ ලෝක විනාශයක් වන බවට කිසිදු හෝඩුවාවක් නොමැති අතර ගොසිප්9 ඒ පිළිබඳව වන සෑම තොරතුරක්ම ඔබට ගෙන ඒමට බලාපොරොත්තුවේ.

බිලියන 2ක පික්සල් සහිත එවරස්ට් ජායාරූපය



බිලියන දෙකක පික්සල් සහිත එවරස් කඳුමුදුනේ ජායාරූපයක් නිෂ්පාදනය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයෙකු සමත්වී තිබෙනවා.

මිලිමීටර් 300 කැමරාවකින් ගත් ජායාරූප 477ක් එකිනෙක බද්ධ කරමින් සාදා ඇති මෙම ජායාරූපය වෙනත් පැනොරාමා ජායාරූප වලට වඩා විශාල කර බැලිය හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

නොහොබිනා අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට නඩු

පසුගියදා ටෙක්සාස් ප්‍රාත්නයේ කාන්තා පොලිස් පරීක්ෂකවරියක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නොහොබිනා අයුරින් පරීක්ෂා කිරීම නිසා ඇයට විරුද්ධව එම කාන්තාවන් දෙදෙනා නඩු පැවරීමට යනවා.

සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් පරීක්ෂා කරන්නේ රහසිගතව මත්ද්‍රව්‍ය වැනි දෑ රැගෙන යන පුද්ගලයන් ය.

මාර්ග බාධකයේදී මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ 38 හැවිරිදි Angel Dobbs හා 24 හැවිරිදි Ashley Dobbs ය. ඔවුන් දෙදෙනා නැන්දම්මා හා ලේලියි.

හලාවත ගංවතුරේ ජායාරුප හා වීඩියෝ

දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීම නිසා ඊයේ හලාවත නගරය ජලයෙන් යටවුණා. හලාවත නගරය ජලයෙන් යටවූ ජායාරූප හා වීඩියෝ පහතින්.

ජායාරූප ස්තූතිය: ජයසංක ප්‍රනාන්දු

පිටසක්වල ප්‍රහාරය අවිශ්වාස නිසා චනද්‍රසිරි බණ්ඩාර යකා නටයි


මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා
ලෝක විනාශය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඊයේ දිනයේ වී රේඩියෝවේ "සිද්ධ මුල්ල" කාලීන වැඩසටහනේ සාකච්ජාවට බඳුන් වුණා. ඒ, පිටසක්වල ජීවීන්ගේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි යැයි ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කරන ලද ප‍්‍රකාශයක් පිළිබඳවයි.

එම වැඩසටහනට සහභාගි වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සනාථ කළේ පිටසක්වල ජීවීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ හැකියාව මෙන්ම සඳට සමාන වූ එවැනි විශාල ග‍්‍රහයන් කිහිප දෙනෙකු පෘථිවිය ආසන්නයට පැමිණෙනු ඇති බවයි.

ධම්මිකගේ කැමැත්තට සැකසෙන රටේ නිතිය

මුදල් අමාත්‍යංශය වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුකරයි.

එයට අදාලව මෙතෙක් ක්‍රියාත්මක වූ නිතිය (රේගු නීතිය - 19 A වගන්තිය) යටතේ බලපත්‍රය නිකුත්කළ දින සිට වසර තුනක් යනතෙක් අදාල බලපත්‍රය යටතේ ගෙන්වන වාහන වෙනත් පාර්ශවයකට පැවරීම හෝ විකිණීම සිදුකල නොහැක. 

දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකිය හා පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්

මායාවරුන්ගේ කැලැන්ඩරයේ දින අවසන් වීමට ඇත්තේ තව දවස් 2යි.

එය ලෝක විනාශයක් යැයි කිසිවිටෙකත් අපි නොකියන අතර දෙසැම්බර් 21වනදා පිළිබඳ මීට පෙර අප හෙළිකල ලිපිය මෙතනින්.

21 වනදායින් පසු දින 3ක් ඉර පායන්නේ නැති බවට චීනයේ පත්‍රිකා බෙදූ 93 දෙනෙකු පෙරේදා එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා

කෙසේවුවද මෙතෙක් කල් අසන්නට නොලැබුණු පුවත් රාශියක් මේ දිනවල ලංකාවෙන් අසන්නට ලැබෙනවා.

ආර්ථිකය දියුණු වෙලා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්- සූරියප්පෙරුම

යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන බව සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.

"යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.

ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.

රොෂාන් - චතුරිකා වෙන්වීමට සැබෑ හේතුව

රොෂාන් පිලපිටිය හා චතුරිකා අතර තිබුන සම්බන්ධය මේ දිනවල මාධ්‍යය වල ප්‍රධාන පුවතක් වී හමාරය. රොෂාන් චතුරිකා වෙන්වීමට පෙර පටන් ගොසිප්9 විසින් රොෂාන් - චතුරිකාගේ පමාවූ විවාහය පිලිබඳ ප්‍රශ්නකොට සිටියේය.

වරක් චතුරිකා මාධ්‍යයට කිවේ ඇන්ජලිනා ජොලි ට අනුව විවාහය පමාකරන බවයි. පුවත්පත් හා අනෙකුත් මාධ්‍යය සිදු කලේ රොෂාන් - චතුරිකාගේ වෙන්වීමේ සැබෑ කරුණ හෙළි නොකොට කරුණු රැස්කොට දැක්වීමයි.

ගොසිප්9 අප මෙම ප්‍රශ්නයේ එකිනෙකා කරන චෝදනා සෘජුව සොයා බලන ලද්දේ සැබෑ තතු හෙළි කිරීමේ අරමුණෙනි.

2012 යු ටියුබ් තරු අතරට ලාංකිකයෙකුත්!

2012 වසරේ යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් යු ටියුබ් තරු සියල්ල එක්කොට යු ටියුබ් විසින් "රි වයින්ඩ් යු ටියුබ් 2012" නමින් වීඩියෝවක් නිර්මාණයකොට තිබේ. 

කොරියානු ගායක PSY ඇතුළු යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ නිරත වෙයි. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වීඩියෝවට "ශ්‍රී ලංකාවේ යු ටියුබ් තරුවක්ද" සහභාගී වීමයි. ඔහු නමින් ජෙහාන් වන අතර ඔහු විසින් ලංකාව පිලිබඳ නිර්මාණය කල වීඩියෝ ජාත්‍යන්තරයේ මෙන්ම ලංකාව තුලද ජනප්‍රියය.

යු ටියුබ් වීඩියෝව හා ජෙහාන් ගේ වීඩියෝ කිහිපයක් පහතින් බලන්න

ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි මම ආවේ - ගීතා

ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුණා.

දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහී බවයි ඇය පවසන්නේ. එම අදහස් පහතින්.

"මම කලා ලෝකයෙන් අයින් වෙලා දේශපාලනයට ආවේ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි.

නීති විද්‍යාලයත් මුස්ලිම් කරණය වෙයි

දමිල ප්‍රශ්න පත්‍ර කලින් පිටවුවාදැයි රහස් පොලිසියෙන් පරීක්ෂණ  

ආසන්න වශයෙන් 12000ක පමණ පිරිසක් අයදුම් කරන 7000ත් 8000ත් අතර අපේක්ෂකයින් පිරිසක් මුහුණදෙන ලංකාවේ අතිශය තරඟකාරී විභාගය ලෙස නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය හැඳින්විය හැක.

එතරම් පිරිසක් විභාගයට පෙනී සිටිය ද අවසාන වශයෙන් නීති විද්‍යාලයට තේරී පත්වන්නේ ඉන් 250ක් 300ක් පමණ පිරිසකි.

Miss Universe-2012 තරඟයට ලංකාවෙන් ගිය සබ්‍රිනා

ඇමරිකාවේ Las Vegas හි මේ දිනවල පැවැත්වෙන විශ්ව රූ රැජින තේරීමේ තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් ගියේ Subrina Herft ය. එහි අවසන් තරඟය හෙට පැවැත්වේ. රටවල් 89ක් සහභාගී වූ මෙම තරඟාවලියේදී Miss China දෙවරක් ම ලිස්සා වැටෙන්නට ගිය අතර Miss Guyana බිම ඇද වැටුනේ අඩි උස සපත්තු පැළඳ ඇවිදීමේදීය. එම වීඩියෝ හා තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 27හි සබ්‍රිනා සිටියි.

සක්විතිට කියන්න බැරිවූ දේ...

නුගේගොඩ නාවල පාරේ සක්විති හවුසින් ඇන් කන්ට්‍රක්ෂන් ආයතනය හිමිකරුව සිටි සක්විති රණසිංහ අද පසුගිය 14 වනදා නුගේගොඩ අධිකරණයේ සිරකරුවන් රඳවා තබන මැදිරියේදී සිය ඇඳුම් ගලවා දමමින් මහ හඩින් විලාප තබන්නට විය. 

"මම නිර්දෝශියි . මේකට වගකියන්න ඕන ආණ්ඩුවයි පොලිසියයි".

බන්ධනාගාරයේදී තමන්ට පහර දෙමින් හිරිහැර කරන බව කී ඔහු සියලු ඇඳුම් ගලවා දැමීය. මේ අවස්ථාවේ විනිශ්චයකාරතුමා සහා නීතිඥ මහත්වරුන් පොලිස් නිලධාරීන් ඇතුළු අධිකරණයේ රැස්ව සිටි පුද්ගලයින් පුදුමයෙන් ඒ දෙස බලා සිටින්න වූ අතර බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුට ඇඳුම් අන්දවා අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ආවත් බන්ධනාගාර බස් රථය තුළදී එලෙසම හැසිරෙනු දක්නට ලැබුණි.

රුසියානු කෙල්ලන්ගෙන් හැඩවූ කලම්බු නයිට් රේස් (වීඩියෝ)

පසුගියදා පැවති Colombo Night Race වලින් පසුව පැවති සංදර්ශනයකදී රුසියන් ලඳුන් නර්තනයේ යෙදෙන ජායාරූප රැසක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එම නර්තනයේ වීඩියෝ 3ක් පහතින්.

සම්පත් අත්තටගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළ හැටි


ප්‍රශ්න සමාන වුයේ වසර 19 ක පළපුරුද්ද නිසාලු

පෙරේදා (15 වැනිදා) පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 18 ක්‌ම ඊට පෙර ඒ ආකාරයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක සාකච්ජා කර තිබෙනවා.

ඒ පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ විසිනි.

ඔහු විසින් ලබාදුන් ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත.

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහාද?

නොස්ට්‍රඩාමුස් යනු 1503-1566 අතර කාලයේ විසූ වසර සිය ගණනක් ඉදිරිය ගැන නිවැරදිව අනාවැකි කියූ අනාවැකිකරුවෙකි.

ඔහු විසින් මීට වසර 500කට පෙර කියන ලද අනාවැකි අතර ඉන්දිරා ගාන්ධි ගේ මරණය, ඩයනා කුමරියගේ මරණය, 9/11 ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය ආදී සත්‍යවූ අනාවැකි ගණනාවක් ඇත. ඒවායින් කිහිපයක් මෙතනින්.

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහා බව පවසමින් මේ දිනවල ලෝ පුරා ජනප්‍රිය ගංග්නම් ගීතයද ලෝක විනාශය සමඟ ඈඳා අන්තර්ජාලය හරහා මතයක් ගොඩ නගා තිබෙනවා.

ලංකාවට වැටුනු උල්කාපාත

දිඹුලාගලට, මීගහකිවුලට, වලස්මුල්ල උල්කාපාත වැටිලා

සෑම මසකම උල්කාපාත වර්ෂාවන් පෘතුවියට දර්ශනය වන අතර 2012 වසරේ මෙවන් උල්කා වර්ෂා 57ක් පමණ දක්නට ලැබුණු බවයි වාර්තා වෙන්නේ.

නමුත් පැයකට වැටෙන උල්කා ප්‍රමාණය අනුව වේවායේ වැදගත්කම තීරණය වේ.

සෑම වසරකම දෙසැම්බර් මාසයේ දක්නට ලැබෙන "ජෙමිනිඩ්ස්‌" උල්කාපාත වර්ෂාව" මෙම වසරේ ලංකාවට දිස්වූ හොඳම උල්කාපාත වර්ෂාවයි. පැයකට උල්කාවන් 120ක් පමණ දර්ශනය වූ එහි උපරිමය පසුගිය 14, 15 දිනවල වාර්තා වුනා.